NLB 60th anniversary

Nlb_602023-10-22 13:05:282023-10-22 17:47:502023-10-22 13:06:14

ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් නව ලොතරැයිපත් වන ‘’Mega Millions’’ සහ“Mega 60” වෙළඳපොලට නිකුත් කිරීම හා සුපිරි ත්‍යාග ලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය කිරීම

 

2023 ඔක්තෝම්බර් මස 13 වැනි දිනට ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වැනි  හෙවත්  ඩයමන්ඩ් ජුබිලිය යෙදී ඇත.  මෙම අභිමානවත් 60 වන   සාංවත්සරික සැමරුම පෙරටුකරගනිමින් නව ලොතරැයිපත් වන ‘’Mega Millions’’ සහ “Mega 60” නව ලොතරැයිපත් වෙළඳපොලට නිකුත් කිරීම උත්සවකාරයෙන් ගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කල අතර ගොවිසෙත ලොතරැයියේ සැප්තැම්බර් මස දී බිහිවූ කෝටිපති සුපිරි ත්‍යාගලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය කිරීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් අද (2023 ඔක්තෝම්බර් මස 10) දිනයේදී  ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදි.

 

මෙම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන මහතා, අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ආචාර්ය කිත්සිරි මංචනායක මහතා, සාමාන්‍යාධිකාරී නීතීඥ හෂිනි ජයසේකර මෙනවිය සහ ඉහළ කලමණාකාරීත්වයේ සහභාගීත්වය ඇතිව සිදු කරන ලදි.

NLB 60th Anniversary Logo