රටක් වෙනස් කල හැටක්
1963 - 2023
NLB වාසනාව තුලින් රටට සුපිරි කෝටිපතියන් ,මිලියනපතියන් , ලක්ෂපතියන් බිහිකරන අතරතුර රජයේ එකාබද්ධ අරමුදලට මුදල් සපයා දෙමින් රටේ සංවර්ධනය වෙනුවෙන් අති දැවැන්ත ශක්තියක් වෙමින් 1963 වර්ෂයේ ආරම්භ කරන ලද ජාතික ලොතරැයි මණ්ඩලයේ අභිමානවත් 60 වන සංවත්සරය සැමරුම 2023.10.13 දින ජාතික ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී අභිමානවත් ලෙස පවත්වන ලදි එහිදී ජාතික ලොතරැයි මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ආරම්භයේ සිට වර්ථමානය දක්වා කටයුතු කල සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් සේවකයින් මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයන් ,අලෙවි සහායකින් , පාරිභෝගිකයන් විශේෂයෙන්ම සිහිපත් කරන ලද අතර වැඩබලන සභාපතිතුමන් විසින් ආයතනයේ අනාගතය වැඩපිළිවෙළ පිලිබඳව ද සිහිපත් කරනු ලැබීය එම උත්සව අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා අධ්යක්ෂ නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා සාමාණ්‍යාධිකාරී නීතිඥ හෂිනි ජයසේකර මෙනෙවිය අතිරේක සාමාණ්‍යාධිකාරී නීතිඥ සංජීව එදිරිසිංහ මහතා ප්‍රධාන මූල්‍ය නිලධාරී ආචාර්ය හර්ෂ බණ්ඩාර මහතා සහ නියෝජ්‍ය සාමාණ්‍යාධිකාරී මහත්මීන් , සහකාර සාමාණ්‍යාධිකාරී මහත්ම මහත්මීන් නිලධාරීන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවක පිරිස එක්විය මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලයේ අභිමානවත් 60 සංවත්සර සැමරුමට සමගාමීව ආයතන පරිශ්‍රයේදී අපේක්ෂා රෝහලට රුධිර පරිත්‍යාග කීරිමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය
ජිවිතයේ සිහිනයට - වාසානාවේ ආශිර්වාදය
ජාතික ලොතරැයි මණ්ඩලය