රටේ අස්සක් මුල්ලක් නැර , වසර පුරාම වාසනාවන්තයින් බිහිකරන ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයයි. ලොතරැයි ලොවේ කිරුළ හිමි මහජන සම්පත ජය king 5000 වෙනි රාජකීය දිනුම් වාරයේ වාසනාවන්ත ජයග්‍රාහකයින් වෙනුවෙන් සහ ධන නිධානයේ කෝටි 14 ක දැවැන්ත සුපිරි ත්‍යාගයේ හිමිකරුවට මෙන්ම ජාතික සම්පත සහ හඳහන ලොතරැයියේ සුපිරි ත්‍යාග දිනාගත් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යක්ෂ ඩී .ඩී .ජයසිරි මහතා, අධ්‍යක්ෂ නීතිඥ අසංක රන්දෙණිය මහතා ,සාමාන්‍යාධිකාරී නීතිඥ හෂිණි ජයසේකර මෙනවිය සහ අතිරේක සාමාන්‍යාධිකාරී නීතිඥ සංජීව එදිරිසිංහ මහතාගේ සහභාගිත්වයෙන් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී 2023.03.13 දින පැවැත්විණි. මේ සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වයේ මහත්ම මහත්මින්ද සහභාගී විය.