තමන්ටම කියලා අලුත්ම වාහනයක් ගන්න එක හැමෝගේම ජිවිතයේ සිහිනයක් ...ජිවිතයේ සිහිනයට වාසනාවේ ආශීර්වාදය එක් කරන ජාතික ලොතරැයි මණ්ඩලය සමග එකතුවෙලා ඉන්න ඔබට ඒ සිහිනය සැබෑ කරගැනීම තව දුරටත් සිහිනයක් නොවේවි. රු.20ක් වියදම් කර ලබාගත් සෙවණ, ගොවිසෙත සහ සම්පත ලග්න වරම යන ලොතරැයි පත් වලින් නවීන පන්නයේ අලුත්ම අලුත් මෝටර් රථ දිනාගත් කිරලෝගම K.A.M.කරුණානායක මහතා ,කොළඹගේ ආර දේවිකා රත්නකුමාරි මහත්මිය සහ වදාකඩ R.M. ගුණතිලක බණ්ඩා යන මහත්ම මහත්මීන් හට මෝටර් රථ ප්‍රධානය කිරීම අද දිනයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා ,සාමාන්‍යාධිකාරී ශිරෝමි ජීවමලා මහත්මිය,නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගීතා පෙරේරා මහත්මිය සහ සහකාර සාමාන්‍යධිකාරී අලෙවිකරණ හා ප්‍රවර්ධන කපිල සේනානායක මහතාද සහභාගී විය.