ජාතික ලොතරැයි මණ්ඩලයේ නව පනත

2017-11-28 07:52:342018-01-16 09:21:062017-11-28 08:01:40

ජාතික ලොතරැයි මණ්ඩලය වර්ෂ 1963 අංක 11 දරණ මුදල් පනත මගින් ස්ථාපනය කරනු ලැබිය.මෙම පනත 1997 හා 1998 යන වර්ෂ වල වගන්ති කීපයක සංශෝධන වලට භාජනය වුවද, පසුගිය වසර 53 තිස්සේ පැවති මෙම පනත වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැගුණි. තවද මෙම පනත ජාතික ලොතරැයි මණ්ඩලයේ පොදු අරමුණු සපුරාලීමට අපොහොසත් වන බැවින් එය සංශෝධනය කිරීමට වහාම පියවර ගතයුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) නිර්දේශ කර ඇත.මේ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව පනතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත .

Best Web 2019 Logo